ශ්‍රී ලංකා බේස්බෝල් සංචිතයට තේරී පත් වූ ජපුර ක්‍රීඩිකාවන්

ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් සංචිතය සඳහා තෝරාගැනීමේ කටයුතු පසුගිය මාර්තු මස 12,13,19 හා 20 යන දිනයන්හිදී පැවැත්විණි. මෙම තෝරගැනීමේ කටයුතු දියගම ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තෝරාගැනීමේ ක්‍රියාවලියට ක්‍රීඩිකාවන් පනස් දෙනෙකු පමණ එක් වූ අතර ඉන් ක්‍රීඩිකාවන් තිස් දෙනෙකු ජාතික සංචිතයට තෝරා ගැනුණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 7දෙනෙක් මේ සඳහා එක් වූ අතර ඉන් ක්‍රීඩිකාවන් 6 දෙනෙක් ජාතික සංචිතයට තේරීපත් වීමට සුදුසුකම් ලැබූහ.

ශ්‍රී ලංකා බේස්බෝල් සංචිතයට තේරී පත් වූ ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආලෝකා දිසානායක, නවාංජලී බස්නායක, සිතාරා දේශානි, නවෝද්‍යා දිමල්ෂි, චාරුනී ත්‍රිලක්ෂි, රසාංජලී මේනකා යන ක්‍රීඩිකාවන් ඇතුළත් ය. ශ්‍රී ලංකා බේස්බෝල් සංචිතයට තේරී පත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩිකාවන්ට J\’pura Flames අප ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවගේ ම උණුසුම් සුබ පැතුම් එක් කරමු.

Written by: Chathura Ramanayake
Designed by: Rusiru Gunaratne

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top