ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 47 වන උපාධි ප්‍රදානෝත්සවයේ වැඩසටහන් පෙළගැස්ම නිකුත් කෙරේ.

2015/2016 අධ්‍යයන වර්ෂ සඳහා වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය මෙම වසරේ පෙබරවාරි 26, 27, 28 දිනයන් හී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතියි. විශ්වවිද්‍යාලයේ 47 වන උපාධි ප්‍රදානෝත්සවය වන මෙහි වැඩසටහන් පෙළ ගැස්ම අද දිනයේ නිකුත් කෙරිණි. ඒ අනුව, පෙබරවාරි මස 26 වන දින පෙරවරුවේ දී මානවශාස්‍ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ උපාධි ලාභීන්ටත්, පස්වරුවේ දී ව්‍යවහාරික විද්‍යා පීඨයේ උපාධි ලාභීන්ටත් උපාධි ප්‍රදානය කිරීම සිදුවෙනු ඇත. පෙබරවාරි මස 27 වන දා කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධි ප්‍රදානය සිදු කෙරෙනු ඇත. එසේ ම වෛද්‍ය විද්‍යා පීඨය, ඉංජිනේරු පීඨය, තාක්ෂණ පීඨය හා පශ්චාද් උපාධි අධ්‍යයන පීඨවල උපාධි ලාභීන් සඳහා පෙබරවාරි මස 28 වන දා උපාධි ප්‍රදානය කෙරේ.

Written by: Hansi Wijekoon
Designed by: Rusiru Anjana Gunaratne

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top