ජාතික වෙබ් ශ්‍රේණිගත කිරීම් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තෙවන ස්ථානයට

Webometrics 2022 වර්ෂයේ ප්‍රමාණාත්මක සමීක්ෂණ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි තෙවන ස්ථානය හිමි කරගන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් වී තිබේ. 2021 වර්ෂයේ Webometrics ශ්‍රේණිගත කිරීම් හි සිවුවන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මෙවර තෙවන ස්ථානය ලබාගන්නට සමත් වී ඇත්තේ මාස 6ක් වැනි කෙටි කාලසීමාවක් තුළ වීම විශේෂත්වයකි. එසේ ම, පෙර වසරේ ශ්‍රේණිගත කිරීම් පරිදි ම එහි පස්වන ස්ථානය මොරටුව විශ්වවිද්‍යාලයටත්, සයවන ස්ථානය කැළණිය විශ්වවිද්‍යාලයටත් හිමි වී ඇත.

පසුගිය වර්ෂයන් තුළ මෙම ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රැඳී සිටින්නට සමත් වූයේ සයවන ස්ථානයේ ය. පසුගිය වසර තුළ දී විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්, පීඨාධිපතිවරුන්, විශ්වවිද්‍යාලයීය පර්යේෂණ කවුන්සලය ඇතුළු සියලු ම කාර්ය මණ්ඩලය මෙම ජයග්‍රහණය සඳහා ලබා දුන් මඟපෙන්වීම සහ නායකත්වය මෙහි දී විශ්වවිද්‍යාලයීය වෙබ් කණ්ඩායම විසින් පර්යේෂකයන්හට සිහිපත් කරනු ලැබීය. ස්ටැන්ෆර්ඩ් සරසවියේ සහ Elsevier BV දත්තවලට අනුව, ලොව හොඳ ම විද්‍යාඥයන් 2% අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ, මහාචාර්ය නිලීකා මලවිගේ සහ ආචාර්ය අනුෂ්කා රාජපක්ෂ තේරී පත් ව සිටීම ද මෙහි දී විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය.

Written by: Chirasha Charmee

Designed by: Rusiru Anjana

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top