වසරේ උත්කර්ෂවත්ම සරුංගල් සැණකෙළිය අගෝස්තු මස 27 වනදා!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සත්ත්වවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන වසරේ උත්කර්ෂවත්ම සරුංගල් සැණකෙළිය අගෝස්තු මස 27 වනදා, එනම් අනිද්දා දිනයේ දී පැවැත්වීමට නියමිතය. එදිනට පස්වරු 2 සිට රාත්‍රී 7දක්වා ගාලු මුවදොර අහස සරුංගල් රැසකින් විචිත්‍රවත් වනු ඇත.

සරුංගල් සැණකෙළියට සමගාමීව තරඟ අංශ හතරකින් යුතු සරුංගල් තරඟාවලියක් ද ගාලු මුවදොර ක්‍රීඩාංගණයේ දී මෙදින පැවැත්විමට නියමිත අතරම විශාලතම සරුංගලය, කුඩාම සරුංගලය, නිර්මාණාත්මකම සරුංගලය හා ජනප්‍රියම සරුංගලය යන කාණ්ඩ හතර ඔස්සේ ජයග්‍රහණය හිමිකරගන්නා තරඟකරුවන්ට වටිනා ත්‍යාග දිනාගැනීමටද අවස්ථාව හිමිවේ.

අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති මෙම සරුංගල් සැණකෙළියේ නිල මාධ්‍ය සහකරුවන් ලෙසින් සිරස TV, News 1st හා J\’Pura Flames කටයුතු කරයි. මෙම විචිත්‍රවත් සරුංගල් සැණකෙළිය නැරඹීමට මෙන්ම තරඟ කොට ජයග්‍රහණය කරමින් ඔබගේ රසවින්දන අවකාශය පුළුල් කරගන්නා මෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සත්ත්වවේදීන්ගේ සංගමය ඔබ සැමට ඇරයුම් කොට සිටියි.

Written by : Chathura Ramanayake
Designed by: Dumindu Sasanka

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top