ජ\’පුර 48 වන උපාධි ප්‍රදානෝත්සවය ඔක්තෝම්බර්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 48 වන උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මෙවර උපාධි ප්‍රදානෝත්සවය එළඹෙන ඔක්තෝම්බර් මස 21, 22 හා 23 යන දිනයන්හි දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙනු ඇත.

මෙවර උපාධි ප්‍රදානෝත්සවයට පීඨ 7ක් නියෝජනය කරන උපාධි අපේක්ෂකයින් සහභාගී වීමට නියමිත ය.

උපාධි ප්‍රදානෝත්සවයේ වැඩ සටහන් පෙළ ගැස්ම පහත පරිදි වේ.

ඔක්තෝම්බර් මස 21

•මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය
•තාක්ෂණ පීඨය
•ඉංජිනේරු පීඨය

ඔක්තෝම්බර් මස 22

•කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ විද්‍යා පීඨය

ඔක්තෝම්බර් මස 23

•ව්‍යවහාරික විද්‍යා පීඨය
•වෛද්‍ය විද්‍යා පීඨය
•පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය

Written by : Chathura Ramanayake
Designed by : Dumindu Sasanka

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top