#3 #4

2022 ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය පසුගිය ජනවාරි මස 16 වනදා සිට 22 වනදා තෙක් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. පෙර වසර වල දී මෙන් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ශූරතා තරගාවලි ද්විත්වයක් ආකාරයට මෙවර තරගාවලිය පැවැත්විණි. ඒ අනුව මෙවර පැවැත්වූයේ 70වන ජාතික ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය හා 38 වන ජාතික කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියයි.

තරගාවලියේ විවෘත කාන්තා යුගල තරග ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩිකාවෝ දෙදෙනෙකු ද සහභාගී වූහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බැඩ්මින්ටන් කණ්ඩායමේ නායිකා හසාරා විජයරත්න හා හෂිනි අම්බලන්ගොඩගේ ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් සමගින් කරට කර තරග වදින ආකාරය දැකගන්නට හැකිවිය.

ඔවුන් දෙදෙනා අවසන් පූර්ව වටය තෙක් අතිසාර්ථක අන්දමින් දස්කම් පෑ නමුත් ඔවුන්ට අවසන් පූර්ව වටයේ දී පරාජයට පත්වන්නට සිදුවිය. නමුත් එහිදී හසාරා විජයරත්න හා හෂිනි අම්බලන්ගොඩගේ, කාන්තා විවෘත යුගල තරග ඉසව්වෙහි තෙවන ස්ථානය හිමිකරගැනීමට සමත් වූහ.

ජපුර අභිමානය ජාතික මට්ටමේ බැඩ්මින්ටන් පිටිය තුළ ද ඔසවා තැබූ මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාට සමස්ත විශ්වවිද්‍යාලයීය ප්‍රජාව වෙනුවෙන් J’pura Flames අපි උණුසුම් සුබපැතුම් එක් කරන්නෙමු.

Written by : Chathura Ramanayake
Designed by : Dumindu Sasanka

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top