#3 #3

රුහුණු විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ එල්ලේ තරගාවලිය සදහා විවිධ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් බාලක හා බාලිකා කණ්ඩායම් කිහිපයක් සහභාගී විය.

රුහුණු විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් බාලක කණ්ඩායම් ද, රුහුණු විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් බාලිකා කණ්ඩායම් ද මෙම එල්ලේ තරගාවලිය සදහා ඉදිරිපත් විය.

එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාලිකා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ඒ, පළමු වටයේ 3:4 ක් ලෙස රුහුණු විශ්වවිද්‍යාලය හා 1:2 ක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලය ද පරදවමිනි.

එසේම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාලක කණ්ඩායම ද තරගාවලියේ සම ශූරතාවය දිනාගනු ලැබීය. ඒ පළමු වටයේ දී ලකුණු 3:4ක් ලෙසින් රුහුණ විශ්වවිද්‍යාලය පරදා දෙවන වටයේ දී 3:3 ක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලය සමග සම ලකුණු රැස් කොට, තෙවන වටයේ දී ලකුණු 1:2 ක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය පරදවමින්ය. අයහපත් ආලෝක තත්වය හේතුවෙන් අවසන් මහා තරගය නොපැවත්වුණු නිසාවෙන් පිරිමි සම ශූරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා රුහුණ විශ්වවිද්‍යාලය අතර බෙදී ගියහ.

අන්තර් විශ්වවිද්‍යාලයීය එල්ලේ තරගාවලියට සහභාගී වූ විශ්වවිද්‍යාලය අතරින් බාලක හා බාලිකා කණ්ඩායම් ද්විත්වයම ජයග්‍රහණය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය එල්ලේ කණ්ඩායමට සමස්ත විශ්වවිද්‍යාලය වෙනුවෙන්ම J’Pura Flames අපි උණුසුම් සුභ පැතුම් එක්කරන්නෙමු!!!.

Written by : Hashee Wijesekara
Designed by : Dumindu Sasanka

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top