AEMSE 2022 – ANNUAL ENG – MED SPORTS ENCOUNTER ක්‍රීඩා උලෙළ අති සාර්ථක අයුරින් අවසන් විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ ක්‍රීඩා අනුකමිටුව, විශ්වවිද්‍යාලයීය ශාරීරික අධ්‍යාපන ඒකකය හා ඒකාබද්ධව දෙවන වරටත් සංවිධානය කරන ලද AEMSE 2022 – ANNUAL ENG – MED SPORTS ENCOUNTER ක්‍රීඩා උලෙළ අති සාර්ථක අයුරින් ඊයේ දිනයේදී අවසන් විය. අප්‍රේල් 30 වන දින ආරම්භ වී, දින පහක් මුළුල්ලේ ඉංජිනේරු හා වෛද්‍ය විද්‍යා පීඨයන් හි සියලු ම වසර වල විද්‍යාර්ථීන්ගේ සහභාගිත්වයෙන්, මෙම ක්‍රීඩා උලෙළ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී. මෙම ක්‍රීඩා උළෙල, බැඩ්මින්ටන්, වොලිබෝල්, ක්‍රිකට්, එල්ලේ, පැසිපන්දු , චෙස්, කැරම්, දැල් පන්දු, පාපන්දු, මේස පන්දු ආදී ක්‍රීඩා රැසකින් මෙන්ම ජවන හා පිටිය ඉසව් රැසකින් ද සමන්විත විය.

සමස්ත උලෙළේ අවසන් දිනය, ඊයේ දිනයේ සනිටුහන් වූ අතර ත්‍යාග හා ජයසංකේත ප්‍රදානය සඳහා විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා මෙන්ම පීඨ ද්විත්වයෙහි පීඨාධිපතිවරු ද සහභාගී වූහ. එහි දී එක් එක් තරඟ ඉසව් වල හොඳම ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට ජයසංකේත පිරිනැමීම සිදුවිය. මෙවර AEMSE – 2022 ක්‍රීඩා උලෙළේ සමස්ත ශූරතාව, ඉංජිනේරු පීඨය විසින් දිනා ගනු ලැබිණි.


Written by: Kanchana Sewwandi
Designed by: Rusiru Anjana

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top