ජ\’පුර ආචාර්යවරියන් තිදෙනෙක් ලොව හොඳම විද්‍යාඥයින් 2% අතරට

ඇමරිකා එක්සත් ජනපදයේ, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ Elsevier BV නම් ප්‍රකාශන ආයතනය විසින් ඉදිරිපත් කරන ලද 2020 වර්ෂයේ ලොව වඩාත් ම කැපී පෙනෙන පර්යේෂකයන් 2% අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියන් දෙදෙනෙක් සහ ආචාර්යවරියක් තේරී පත් ව ඇත. ඒ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය, ආචාර්ය අනුෂ්කා U. රාජපක්ෂ මහත්මිය සහ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය යි. විද්‍යාව හා සම්බන්ධ පර්යේෂණ වාර්තා උපුටා දැක්වීම්වල සඳහන් කර්තෘවරුන් ඇතුළත් කරමින් යාවත්කාලීන කරන ලද දත්ත මත පදනම් ව මෙම දත්ත සමුදාය සකස් කර ඇත. එම ශ්‍රේණිගතකිරීම තුළ ශ්‍රී ලාංකේය විද්‍යාඥයින් 24 දෙනෙක් ඇතුළත් ව ඇති අතර එම 24 දෙනා අතුරින් තිදෙනෙක් ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාඥයින් වීම විශේෂත්වයකි.

මෙලෙස ලොව හොඳම විද්‍යාඥයින් 2% අතරට තේරී පත් වුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියටත්, ආචාර්ය අනුෂ්කා U. රාජපක්ෂ මහත්මියටත්, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියටත්, අනෙකුත් ශ්‍රී ලාංකීය විද්‍යාඥයින්ටත් J\’pura Flames අපගේ සුබ පැතුම් එක් කරන්නෙමු.

Written by: Deneth Kasuntha
Designed by: Bimsara Alawathugoda

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top