\’Nestle Connect University Innovation Challenge\’ තරගාවලියේ ජය ජ\’පුරට…

දේශීය නවෝත්පාදනයට අත්වැලක් ලබාදීමේ අරමුණ පෙරදැරි කොටගෙන 2020 වසරේ අග භාගයේ දී නෙස්ලේ ලංකා සමාගම විසින් සංවිධානය කරනු ලැබූ Nestle Connect University Innovation Challenge අභියෝගතා තරගාවලියට විවිධ විශ්වවිද්‍යාලයන් නියෝජනය කරමින් සිසුන් 200කගේ සහභාගීත්වයක් විය.

මෙහි ප්‍රමුඛ අභිප්‍රාය වූයේ, තරුණ පරපුර අතර පෝෂණය හා තිරසාරභාවය පිළිබඳ නවෝත්පාදන චින්තනය වර්ධනය කිරීම හා ඊට දිරි දීම ය. මෙම අභියෝගතා තරගාවලියට කැළණි විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය යන රාජ්‍ය විශ්වවිද්‍යාල සතරෙහි ම නියෝජනයන් දක්නට ලැබූ අතර ප්‍රෞඩ ඉතිහාසයක් සහිත රාජකීය ලීලාවෙන් වැජඹෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වන අප විශ්වවිද්‍යාලයට අද්විතීය ස්ථානයක් හිමි විය. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය නාමය නියෝජනය කරමින් ඉදිරිපත් වූ තරුෂි මන්දුලිකා, ඉෂනිකා සෙනෙවිරත්න සහ වින්දුල පෙරේරා තරගාවලියේ ප්‍රථම ස්ථානයත්, මොහොමඩ් ශාකීබ්, වගීෂ රාජපක්ෂ සහ ඉසුරු උදයංග දෙවන ස්ථානයත් හිමි කර ගැනීමත් සමඟ ය.

නෙස්ලේ ලංකා සමාගම විසින් සංවිධානය කළ මෙම වැඩසටහන තුළින් දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් සකසා ගත හැකි පෝෂණ ගුණයෙන් අනූන නව නිෂ්පාදන පිළිබඳ හා පාරිසරික තිරසාර සංවර්ධනය කළ හැකි නව්‍ය විසඳුම් සඳහා මෙම සරසවි සිසු සිසුවියන්ගෙන් විවිධාකාර යෝජනා ඉදිරිපත් විය. ඒ අතරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා තරගාවලිය නව මානයන් කරා රැගෙන යන්නක් විය. එලෙස තව තවත් ඉදිරියට ශ්‍රී ජයවර්ධනපුර නාමය ලොව බබළවන්නට හැකි වේවා\’ යි යන පැතුම සමඟින් අප විශ්වවිද්‍යාලයට කීර්තියක් එක් කළ අපේ ම සහෝදර සහෝදරියන්ට J\’pura Flames අපි උණුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු.

Written by: Hashani Wijesekara
Designed by: Rusiru Anjana Gunaratna

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top