ජාතික මේසපන්දු ශූරතාවලියේ දී විරුණක හෙන්දහේවාට ජයග්‍රහණ රැසක්

75 වැනි ජ්‍යේෂ්ඨ ජාතික මේසපන්දු ශූරතාවලිය පසුගිය ජූනි මස 25,26 යන දෙදින තුළ සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

එහි දී පිරිමි කේවල අංශයේ පැවති තරග වට 4න් 3ක්ම ජය ලබා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විරුණක හෙන්දහේවා සමත් විය. එමෙන්ම ඔහු පිරිමි යුගල තරග ඉසව්වෙහි ද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ද සමත්කම් දැක්වීය.

මෙම තරග ඉසව් වෙනුවෙන් පාසල්, විශ්ව විද්‍යාල, ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයන් එක්වීම ද මෙහි විශේෂත්වයකි. ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට එරෙහිව උරිනුර තරග වදිමින් ජයග්‍රහණ වාර්තා කළ විරුණක හෙන්දහේවා ක්‍රීඩකයාට සමස්ත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ප්‍රජාව වෙනුවෙන් J\’pura Flames අපගේ උණුසුම් සුබපැතුම්.

Written by: Hashini Wijenayake
Designed by: Induwara Gamage

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top