47 වන ජාතික මහා ක්‍රීඩා උලෙළේ සබරගමු පළාත් ක්‍රීඩා තරඟ ඊයේ(16) සහ අද(17) දෙදින තුළ පැවැත්වුණි. ඊයේ දිනයේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩක ළහිරු කේෂාන් නව තරඟාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා අධ්‍යනාංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ළහිරු කේෂාන් අන්තර් විශ්වවිද්‍යාලයීය මට්ටමේ වාර්තා සඳහා ද හිමිකම් කියන දක්ෂ ක්‍රීඩකයෙකි. ඊයේ දිනයේ දී යගුලිය විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ මොහු එහිදී මීටර් 13.96ක දක්ෂතාවයක් දැක්වීමට සමත් විය.

මින් පෙර පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්වෙහි ජාතික මහා තරඟාවලි වාර්තාව ලෙස සටහන් ව තිබුනේ මීටර් 13.91ක අගයකි. ඒ අනුව ජාතික මහා ක්‍රීඩා තරඟාවලි ඉතිහාසයේ නව වාර්තාවක් තමාගේ නම ඉදිරියෙන් සටහන් කරගැනීමට ළහිරු කේෂාන් සමත් විය. මෙම තරඟාවලිය තුළ බිහි වූ එකම වාර්තාව මෙය වීම ද විශේෂත්වයකි. තව ද මෙම තරඟාවලියේ ම පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් තමා විසින් ම පිහිටවූ වාර්තාව සම කිරීමට ද මොහු සමත් විය.

ජාතික මහා ක්‍රීඩා තරඟාවලි ඉතිහාසයට තම නාමය එක් කරගැනීමට සමත් වූ ජපුර ශූරයාට විශ්වවිද්‍යාලයීය ප්‍රජාව වෙනුවෙන් J’pura Flames අපගේ උණුසුම් සුබපැතුම් එක් කර සිටින්නෙමු.

Written by : Gayashan Sanjaya
Designed by : Dumindu Sasanka

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top