NSBM සරසවිය මඟින් සංවිධානය කළ “USPORT-22” ක්‍රීඩා තරගාවලියේ විශ්වවිද්‍යාලයීය බැඩ්මින්ටන් ඉසව්ව පසුගිය 29, 30 යන දෙදින තුළ NSBM විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙම ශූරතාවලිය සඳහා කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම් 7 ක් සහ පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම් 11 ක් තරඟ වැදුණු අතර එහි දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම ශූරතාවලියේ තෙවන ස්ථානය ද, කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම ශූරතාවලියේ ශූරතාවය ද දිනා ගැනීමට සමත් විය.

මේ අයුරින් “USPORT-22” ක්‍රීඩා තරගාවලියේ විශ්වවිද්‍යාලයීය බැඩ්මින්ටන් ඉසව්ව තුළ සිය දස්කම් විදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිමානය සනිටුහන් කළ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කාන්තා හා පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම් ද්විත්වය වෙත J’pura Flames අපි හදපිරි සුභාශිංසන එක්කර සිටින්නෙමු.

Written by : Mayumi Sithumini
Designed by: Dumindu Sasanka

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top