#3 #2

“විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2022”

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය ම‍ඟින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය මෙවර 13 වන වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ව පවතියි. එළැඹෙන සැප්තැම්බර් මස පළමු (01) වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය සුමංගල සභාසදයේ දී ඇගයුම් උත්සවය පැවැත්මට නියමිත ය. සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යනාංශයෙහි ජ්‍යේෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහතා සහභාගී වීමට නියමිත ය.

මෙවර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටත ම නවකතාව, වසරේ විශිෂ්ටත ම කෙටිකතා සංග්‍රහය, වසරේ විශිෂ්ටත ම පද්‍ය සංග්‍රහය, වසරේ විශිෂ්ටත ම ගේය පද සංග්‍රහය, වසරේ විශිෂ්ටත ම තීරු ලිපි සංග්‍රහය හා ශාස්ත්‍රීය සංග්‍රහය යනුවෙන් අංශ හයක් (06) ඔස්සේ සම්මාන ප්‍රදානය කිරීමට නියමිත ය. මේ වන විට එම අංශ සඳහා අවසන් වටයට තේරි පත් වූ නිර්මාණ ලැයිස්තුව පහත පරිදි වේ.

වසරේ විශිෂ්ටතම නවකතාව
-හින් දොස් මාලේ (සේපාලි මායාදුන්නේ)
-සන්ධ්‍යානන්දය (කීර්ති වැලිසරගේ)
-මගේ චිකාගෝ හදවත (ශමෙල් ජයකොඩි)
-ප්‍රේමානිශංස (චන්ද්‍රරත්න බණ්ඩාර)
-නකුල මුනි (එරික් ඉලයප්පආරච්චි)

වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය
-ජාත්‍යන්තර පාපොච්චාරණය (එරික් ඉලයප්පආරච්චි)
-වැසිකිළි සෝදන්නාගේ දුව වීම නිසා (මහින්ද රත්නායක )
-ගිනි සෝමේ සහ තවත් කෙටිකතා (උපාලි උබයසේකර)
-මං මාවතක මතක මිමිණිල්ල (මලිඳු කාවින්ද කුමරසිංහ)
-කළු උස මනුස්සයෙක් (ප්‍රින්ස් සේනාධීර)

වසරේ විශිෂ්ටතම පද්‍ය සංග්‍රහය
-ලියසැව් ලිහී ගිය ගනසාමඬුලු (ලක්ෂාන්ත අතුකෝරල)
-වම් පියවුර (සුරේඛා සමරසේන)
-නාරි සූත්‍රය (කාව්‍යාලේඛය) (අනුරාධා නිල්මිණි)
-ගිනි වැදුණු පියාපත් (සඳරැසි සුදුසිංහ)
-ප්‍රොම්තියස් දූපත (එරික් ඉලයාප්ආරච්චි)

වසරේ විශිෂ්ටතම ගේය පද සංග්‍රහය
-ප්‍රේමයයි මනරම් (යමුනා මාලනී පෙරේරා)
-පමා වී පිපුණු මල් සුවඳයි (වසන්ත කුමාර කොබවක)
-සඳමඩල වී (පල්ලේගම හේමරතන හිමි)

වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය
-වන්නිගේ කොලම (නයනසේන වන්නිනායක)
-සමීප රූප (බුද්ධදාස ගලප්පත්ති)
-නින්නාද (හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ)

වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය සංග්‍රහය
-සිංහල උපාසක ජනාලංකාරය සංස්කරණය සහ විචාරාත්මක අධ්‍යනයක් (ආචාර්‍ය ප්‍රේමසිරි නාගසිංහ) -සිංහල ජන ගායනා ශෛලී (සමන් පනාපිටිය)
-කෙවුල්ගම දළදා ගමන් මාළිගය (ජේෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමසිරි)
-කඩවර ඇදහීම (මහින්ද කේ.විමලසිරි)
-සංඛ්‍යා පුරාණය (සන්ධ්‍යා කහඳගමගේ)

මෙවර සම්මාන උළෙලට අභිනවයෙන් හඳුන්වා දෙන ලද වසරේ විශිෂ්ටත ම ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා යන විෂය ක්ෂේත්‍ර දෙක පමණක් සලකා බලා ඇති අතර සම්මාන සඳහා විනිශ්චයට තෝරාගෙන ඇත්තේ ප්‍රකාශන ආයතන හෝ කර්තෘවරුන් විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ පමණි. මෙහි විශේෂත්වය වන්නේ සම්මාන සඳහා සලකා බැලෙන නිර්මාණ කෘති සම්මාන ප්‍රදානයෙන් අනතුරුව විද්‍යාර්ථීන්ගේ රසඥතාවය සහ අනාගත ශාස්ත්‍රීය පර්යේෂණ සඳහා පාදක කර ගැනීම පිණිස විශ්වවිද්‍යාලීය පුස්තකාල වෙත ලබා දීමට කටයුතු කිරීමයි.

Written by : Dilini Maduwanthi
Designed by: Dumindu Sasanka

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top