ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 46 වන උපාධි ප්‍රදානෝත්සවය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2020 වර්ෂයට අදාළ 46 වන උපාධි ප්‍රදානෝත්සවය දෙසැම්බර් 28 වන දින සිට දෙසැම්බර් 31 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීම සඳහා කටයුතු සැලසුම් කර ඇත.

රට තුළ පවත්නා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල ව මෙවර උපාධි ප්‍රදානෝත්සවය අදියර කිහිපයකගෙන් සමන්විත වන අතර, එම එක් අදියරයක දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ එකවර ඇතුළත සහ පිටත රැඳී සිටිය හැක්කේ උපරිම 700 ක පිරිසකට පමණි. ඒ අනුව එක් අදියරයක දී, උපාධි අපේක්ෂයන් දෙසීය දෙනෙකුට සහ උපාධි අපේක්ෂයන්ගේ අමුත්තන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 440 දෙනෙකුට ශාලාවේ අසුන් ගැනීම සඳහා අවසර හිමිවනු ඇත.

වැඩි විස්තර සඳහා – https://www.sjp.ac.lk/news/2020-convocation-certificate-distribution-ceremony-of-the-university-of-sri-jayewardenepura-from-28th-31st-december-2021-at-bmich/

Written by: Chirasha Charmee
Designed by: Rusiru Anjana Gunaratne

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top